දුම්වැටියක් දල්වා එය අවසන් වන කාලය අතරතුරදී පරම්පරා ගණනාවක් පවතින ගීතයක් නිර්මාණය කිරීමේ හැකියාවලත් ප්‍රේමකීර්ති ද අල්විස් හෙළයේ අමරණිය කලාකරුවාණෙනි.. මාගේ ප්‍රථම බ්ලොග් සටහන ඔබට ප්රණාමයක් වේවා!
"බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අබියස ඔබ නෙළුම නොවේ...
උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අබියස ඔබ සයුර නොවේ.."
ඇතැම් ගීත තුළ වචනයෙන් කියා නිමකල නොහැකි වේදනාවන් ගැබ්වීතිබේ.. මෙයත් එම ගීත අතරින් එක් අමරණිය ගීතයකි. ප්‍රේමකිර්ති ද අල්විස් අතින් ලියැවුනු මේ ගීතය දශක ගණනාවක් පුරා අමරණීයව අප අතර පැවතීමට හේතුව කුමක්ද? මා දකින්නේ ඒ තුල ගැබ්වී ඇති විරහව, වේදනාව අප හදවත් තුළට සියුම්ලෙස සමීප කලහැකිවනසේ පද රචනා කිරීමේ පරම හැකියාව මේ අපුරු මිනිසා ප්‍රගුණ කලවූවෙකු වූ බැවිණි.ආදරය, සෙනෙහස, යනාදී නොයෙක් තේමා යටතේ ගීත ගණනාවක් ඔහු විසින් රචනා කලද මාගේ පුද්ගලික අදහස අනුව ඔහුගේ වඩාත් ජනප්‍රිය ගීත අතරින් වැඩි ප්‍රමාණයක් විරහව, තනිකම, වේදනාව ගැන කියවෙන එවාවීම සුවිශේෂීවේ."කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී... හිමසිල මුදුනත සිටියද මහද ගිනි ගනී.."
ප්‍රේමයෙන් පරාජය වුවන්ට මේ ගීත කලක් අසා සිටිය නොහැකි තරම් දුක්දෙන ගීතවිය. ඔහු හෝ ඇය ඔබ අත්හැර ගිය කල්හි සිඟිරිකා මිය යන්නට ඔබට සිතේනම් එය පුදුමයක් නොවේ. ඒ පරාජයේ වේදනාව කියා නොමකල නොහැකිවේ. එහි දුක දන්නේ පරාජය ලද හදවත්මය. ඒ වේදනාවේ එන සෑම සිතුවිලි බිඳක්ම එකට කැටිකොට පද මාලාවක තුල සියුම්ව නිදන්කර අද්විතීය ගීතයක් නිර්මාණය කළ මේ මහා කළාකරුවානන් 1989 ජුලි 31 රාත්‍රියේ තම නිවස ඉදිරිපිට කුරිරු ලෙස වෙඩි තබා ඝාතනය නොකලේනම් අදවනවිට තවත් අගනා ගීත ගණනාවක් ඔහු අතින් නිමවන්නට තිබුණි. ප්‍රේමකිර්ති ද අල්විස් මහා කලාකරුවණනි ඔබ තවමත් ඔබේ ගීත තුළ අප අතර අම්රණිය වේ...
Hey Machan, I'm not that much into Sinhala Music and i haven't heard any of his songs, but your writing is superb...!!!Brilliant Machan...Superb Job... Keep it up Son...!!!
ReplyDeleteThank you very much Rajith! Keep in touch bro!
ReplyDeleteMACHAN WE WILL BE FEEDING THE BLOG FOR DEFA!!
ReplyDeleteThank you so much Malik! really appreciated machan!
ReplyDeleteWAT A GREAT HIT WE"VE HEARD OF LIL TM JAYARATNE... :) ISURU KOLLAGE!!
ReplyDeleteela ela:D
ReplyDeleteit is indeed a very good song!v:)
ReplyDeleteGREAT!!!
ReplyDelete