Wednesday, 16 March 2011

පරිකල්පනය යථාර්තයක් වූ කල්හි...

මාගේ දෙවැනි බ්ලොග් සටහන ලියැවෙන්නේ 2004 වසරේ තිරගත වුනු The Machinist (යාන්ත්‍රශිල්පියා) චිත්‍රපටය පිළිබඳ කරන ලද විමසුමක් ඇසුරිණි. මෙම සිනමා කෘතිය අයත්වන්නේ psychological thriller (මනෝම ත්‍රාස්‍ය) ගණයටයි. සාමාන්‍යයෙන් මෙවැනි ගණයේ චිත්‍රපට වලට වැඩි කැමැත්තක් දක්වන මාගේ අවධානය කෙලින්ම යොමුකරගැනීමට එහි සිනමා පෝස්ටරයේ රූපයට වඩා වදන් පෙළක් සමත්විය. එනම් "How do you wake up from a Nightmare.. if you're not Asleep?" කාටත් පැහැදිළියි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ක්‍රිස්ටියන් බෙල් විසිනි. ඔහු විසින් Trevor Reznik නම් ලේ යත් කාර්මිකයාගේ චරිතයට පණපොවයි. මෙම පුද්ගලයා වසරක් මුළුල්ලේ සිට  අනිද්‍රා රෝගයෙන් (insomnia) සහ විෂාදයෙන් (depression) පෙළෙන්නෙකි. Batman Begins චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඉතා හැඩිදැඩි සිරුරකින් යුතුව රඟපෑ ක්‍රිස්ටියන් බේල් මේ චරිතය සඳහා ඉතා දිරාපත්වූ සිරුරක් චරිතය සඳහාම සාදා ගැනීම වෙනුවෙන් 2004 වසරේ කැටලෝනියන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාගේ සම්මානය ක්‍රිස්ටියන් බේල් හිමිකරගැනීමට සමත්විය. චරිතය සඳහා ඔහුගේ කැපවීම පහත චයාරූපයෙන් දැකගත හැකිවේ.
 තමන් සිතින් මවාගත් තමන්ට යතාර්ථයක් වූ කම්කරු සගයෙක්, අනිද්‍රාවට ප්‍රතිකර්මයක් සෙවීමට උදවුවන ගණිකාවක්, තම සිතෙහි වරින්වර එලියට පැමිණ හොල්මන් කරන විසඳගත නොහැකි ප්‍රෙහෙලිකාවක්‌ යන තෙමා වටා ගෙතුනු අවසන් මොහොත දක්වාම සිදුවුයේ කුමක්දැයි අනුමාන කල නොහැකි අද්විතීය කතා වස්තුවකි. තවත් චිත්‍රපටය ගැන පැහැදිළි කළයුතු නොවේ, මන්දයත් එය ඔබ විසින්ම ගවේෂණය කළයුතු කර්තව්‍යක් බැවිණි. 

චිත්‍රපටය online නැරබීමට සහ download කරගැනීමට පහත links භාවිතා කරන්න -


විශ්වයේ සත්සර නාදයට හෙලබසේ චමත්කාරය මුසුකළ සංවෙදී මිනිසා....

දුම්වැටියක් දල්වා එය අවසන් වන කාලය අතරතුරදී පරම්පරා ගණනාවක් පවතින ගීතයක් නිර්මාණය කිරීමේ හැකියාවලත් ප්‍රේමකීර්ති ද අල්විස් හෙළයේ අමරණිය කලාකරුවාණෙනි.. මාගේ ප්‍රථම බ්ලොග් සටහන ඔබට ප්‍රණාමයක් වේවා! 

"බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අබියස ඔබ නෙළුම නොවේ...
උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අබියස ඔබ සයුර නොවේ.."
ඇතැම් ගීත තුළ වචනයෙන් කියා නිමකල නොහැකි වේදනාවන් ගැබ්වීතිබේ.. මෙයත් එම ගීත අතරින් එක් අමරණිය ගීතයකි. ප්‍රේමකිර්ති ද අල්විස් අතින් ලියැවුනු මේ ගීතය දශක ගණනාවක් පුරා අමරණීයව අප අතර පැවතීමට හේතුව කුමක්ද? මා දකින්නේ ඒ තුල ගැබ්වී ඇති විරහව, වේදනාව අප හදවත් තුළට සියුම්ලෙස සමීප කලහැකිවනසේ පද රචනා කිරීමේ පරම හැකියාව මේ අපුරු මිනිසා ප්‍රගුණ කලවූවෙකු වූ බැවිණි.ආදරය, සෙනෙහස, යනාදී නොයෙක් තේමා යටතේ ගීත ගණනාවක් ඔහු විසින් රචනා කලද මාගේ පුද්ගලික අදහස අනුව ඔහුගේ වඩාත් ජනප්‍රිය ගීත අතරින් වැඩි ප්‍රමාණයක් විරහව, තනිකම, වේදනාව ගැන කියවෙන එවාවීම සුවිශේෂීවේ.
"කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී... හිමසිල මුදුනත සිටියද මහද ගිනි ගනී.."
         ප්‍රේමයෙන් පරාජය වුවන්ට මේ ගීත කලක් අසා සිටිය නොහැකි තරම් දුක්දෙන ගීතවිය. ඔහු හෝ ඇය ඔබ අත්හැර ගිය කල්හි සිඟිරිකා මිය යන්නට ඔබට සිතේනම් එය පුදුමයක් නොවේ. ඒ පරාජයේ වේදනාව කියා නොමකල නොහැකිවේ. එහි දුක දන්නේ පරාජය ලද හදවත්මය. ඒ වේදනාවේ එන සෑම සිතුවිලි බිඳක්ම එකට කැටිකොට පද මාලාවක තුල සියුම්ව නිදන්කර අද්විතීය ගීතයක් නිර්මාණය කළ මේ මහා කළාකරුවානන් 1989 ජුලි 31 රාත්‍රියේ තම නිවස ඉදිරිපිට කුරිරු ලෙස වෙඩි තබා ඝාතනය නොකලේනම් අදවනවිට තවත් අගනා ගීත ගණනාවක් ඔහු අතින් නිමවන්නට තිබුණි. ප්‍රේමකිර්ති ද අල්විස් මහා කලාකරුවණනි ඔබ තවමත් ඔබේ ගීත තුළ අප අතර අම්රණිය වේ...